Tamil-Sri LankaEnglish (United Kingdom)
මුල් පිටුව පුහුණු කිරීම්

පුහුණු කිරීම්

විදුලිබලය හා බලශක්තිය. වතු යටිතල පහසුකම්, ක්‍රීඩා සමාජ ශුභ සාධනය, තරුණ කටයුතු, කුඩා කර්මාන්ත සහ පේෂ කර්මාන්ත, ගැමියන් සහ තරුණ පරපුර කෙරෙහි විශේෂ අවධානය යොමු කිරීම, විවිධ විෂයයන් පිළිබඳ පුළුල් දැනුම යන මේ කරුණු වැඩසටහන්වල ඵලදායකත්වයට රුකුල් වේ. එසේ වුව ද කර්ය මණ්ඩලයේ ස්ථානමාරුවීම් සහ සේවයට නව බඳවා ගැනීම් හේතුකොටගෙන පුහුණු ශ්‍රමය ලබා ගැනීම දුෂ්කරව පවතී. වැඩ සටහන්වල අරමුණු හඳුනා ගැනීම සහ නිලධාරීන් නිසි පරිදි පුහුණු කිරීම යන මේ කරුණු ඵලදායී සහ සාර්ථක සේවයක් ලබා ගැනීම සඳහාත් 2010 වර්ෂයේදී පළාත් සභාව අපේක්ෂා කරන ප්‍රගතිය ළඟා කර ගැනීමටත් හේතු‍වේ. මේ තත්වය මුදුන්පත් කර ගැනීමෙන් නිලධාරීන්ට රැකියා තෘප්තිය ලබාදීමටත් සේවා තත්වය වැඩිදියුණු කිරීමටත් අපේක්ෂිත ය.
 

  • ඉදිරි දස වර්ෂය තුළ දළ ජාතික නිෂ්පාදනයට පළාත්බද කර්මාන්ත ඒකකයෙන් ලබා දෙන දායකත්වය සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩි කිරීම.
  • කුඩා කර්මාන්තවල නිරතව සිටින ජනතාවගේ ජීවන තත්ත්වය මීළඟ දශකය තුළ දී නගා සිටුවීමට සහාය වීම.
  • කුඩා කර්මාන්තවල නිරතව සිටින ජනතාවට පළාත් සභාවෙන් පිරිනැමෙන සේවා ගැන ඔවුන් දැනුවත් කිරීම.
  • පළාත තුළ ඉල්ලුමක් පවතින සුලු කර්මාන්ත අලුතෙන් ආරම්භ කිරීමට සහාය වීම සහ ඔවුන්ගේ දක්ෂතා වැඩි දියුණු කිරීම.
  • කුඩා කර්මාන්ත ඒකකයේ රැකියා අවස්ථා ඇති කිරීම.
  • පළාත තුළ පවත්නා ඉල්ලුමට අනුකූල වන පරිදි නිෂ්පාදන කටයුතු කිරීම සඳහා පළාත් සභාවේ සහාය ලබාදීම.
  • රැකියා විරහිත තරුණ පිරිසට ආදායම් මාර්ග සලසා දීම.
  • දෙපාර්තමේන්තුව යටතේ ඇති පුහුණු මධ්‍යස්ථාන සංඛ්‍යාව වැඩි කොට නිසියාකාර පුහුණු කිරීම් ලබාදීම.
 
නොවැම්බර් 2019
බ්‍ර සි සෙ
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය